නේවාසික සහ බාහිර බැතිමතුන් සදහා උපදෙස් මාලාව


අනාලය බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය අනුගමනය කරනු ලබන සහ එම මාර්ගය පුරුදු පුහුනු කරනු ලබන බැතිමතුන් උදෙසා වෙන්කර ඇත.

මධ්‍යස්ථානය කළමානකරණය කරනු ලබන්නේද එම මාර්ගය අනුගමනය කරනු ලබන පාර්ශවයන් විසින් බැවින්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය අනුගමනය කිරීම සහ, ඉන් උපරිම ඵල ලබා ගැනීම සදහා ඔවුන් විසින් ඔබට හැකි සෑම ආකාරයකින්ම උපකාර කරනු ඇත.

බැතිමතුන් විසින් ඔබගේත්, අන් අයගෙත් ආගමික අභ්‍යාසයන් සදහා උපකාරයක් වශයෙන් පහත සදහන් මගපෙන්වීම් වලට අනුව කටයුතු කරනු ඇතැයි මධ්‍යස්ථාන කළමානකරණය විසින් අපේක්ෂා කෙරේ.

  1. පුර්ව අනුමැතිය ලබා නොමැත්තේනම් මධ්‍යස්ථානයට පස්වරු 9.00 පසුව නොපැමිණිය යුතුය.
  2. පුර්ව වැඩපිළිවෙලක් යාගෙන නොමැත්තේ නම් මධ්‍යස්ථානය ගේට්ටුව විවෘත කරනු ලබන්නේ පෙරවරු 5.00 පසුව පමණි. උදෑසන තේ පෙරවරු 5:30ටද, උදෑසන ආහාරය පෙරවරු 6:30ටද, දහවල් ආහාරය මධ්‍යහන 12:00ටද, රාත්‍රි ආහාරය පස්වරු 7:00ටද බැතිමතුන් සදහා පිළියෙල කරනු ලැබේ ( මෙය වැඩ සටහන් අනුව වෙනස් විය හැකිය. මුලුතැන්ගෙය ප.ව. 8:00 වන විට වසනු ලබයි. පිරිසිදු කිරීමට ඇති බැවින් රාත්‍රි ආහාර ගැනීම ප.ව. 8:00 වන විට අවසන් කිරීමට උපදෙස් දෙනු ලැබේ (කාර්ය මණ්ඩලය පසුවදා හිමිදිරියේ වැඩ පටන් ගත යුතු බව කරුණාවෙන් සැලකිල්ලට ගන්න).
  3. නේවාසික බැතිමතුන් මධ්‍යස්ථානයට පැමිණීමට ප්‍රථම කාමර හෝ ඇඳන් වෙන්කර ගැනීම අවශ්‍ය වේ.
  4. පොරොන්දු වූ පුද්ගලයන් සංඛ්‍යාව පමණක් ලැගුම් ගැනීම සදහා පැමිණිය යුතුය. උදාහරණ : පුද්ගලයන් 05 දෙනෙකු ඉඩකඩ වෙන්කර ගන්නේ නම්, පැමිණිය යුත්තේ 05 දෙනෙකු පමණි.
  5. මධ්‍යස්ථානය නඩත්තු කිරීම සදහා වැය වන මුදල් පියවාගැනීම සදහා ( උදාහරණ : ජල විදුලි සහ අනෙකුත් පහසුකම් සදහා) හතර දෙනෙකු සිටිය හැකි කාමරයකට සහනදායි මිලක් අයකරුනු ලබන අතර, එය දිනකට රු : 1300/= වනු ඇත. මෙම කාමරයක් භාවිතය සදහා උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 04කි.
  6. මධ්‍යස්ථානය නඩත්තු කිරීම සදහා වැය වන මුදල් පියවාගැනීම සදහා හතර දෙනෙකු සිටිය හැකි වායු සමීකරනය කරනලද කාමරයකට සහනදායි මිලක් අයකරුනු ලබන අතර, එය දිනකට රු : 2100/= වනු ඇත. මෙම කාමරයක් භාවිතය සදහා උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 04කි.
  7. දෙදෙනෙකුගෙන් සමන්විත කාමර සදහා සහනදායි මිලක් අයකරනු ලබන අතර, එය දිනකට රු : 700/= වනු ඇත. එක් කාමරයක් භාවිතය සදහා උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 02කි.
  8. පුරුෂ සහ කාන්තා නිදන ශාලා සදහා මුදල් අයකිරීමක් සිදුනොකෙරේ. සියලුම නේවාසික බැතිමතුන් පස්වරු 2.00 පසුව පැමිණිය යුතුය අතර දහවල් 12.00 පෙර පිටත් විය යුතුය.
  9. සියලුම නේවාසික බැතිමතුන් විසින් ඇඳ කවර සහ කොට්ට උර යනාදිය පෞද්ගලිකව සපයා ගත යුතුය.
  10. අනෙකුත් බැතිමතුන්ට කරදරයක් නොවන පරිදි සැමවිටම නිශ්ශබ්දතාවය පවත්වාගත යුතුය. සැමවිටම නිශ්ශබ්දතාවය රකින්න. අන් අයට කරදර වන ලෙස නොහැසිරෙන්න. ආගමික ස්ථානයකට සුදුසු වූ ඇඳුමකින් සැරසී එන්න. .
  11. ජංගම දුරකථන නිශ්ශබ්ද කර තබාගැනීමට සැලකිලිමත් විය යුතුය.
  12. මධ්‍යස්ථානය සතුව පිරිසිදු කිරීමේ කාර්යාල මණ්ඩලයක් නොමැති හෙයින් කාමර සහ අනෙකුත් අදාළ ප්‍රදේශ පිරිසිදු කර තබා ගැනීමට වගබලා ගටහ යුතුය. වැසිකිළි භාවිතය; හැමවිටම පිරිසිදු බව රකින්න. අපද්‍රව්‍යය හොඳින් වතුර දමා සෝදා හරින්න. කොමඩ් වල වතුර නැතිනම් / වතුර නොනවත්වා ගලා යනවා නම් කාර්යාලයට දන්වන්න. ඒ සඳහා උපදෙස් වැසිකිළි තුළ ද සඳහන් කර ඇත. වැසිකිළි වළට සිලි බෑග් වැනි ද්‍රව්‍ය නොදමන්න. මෙවැනි ක්‍රියාකාරකම් නිසා අප සියලු දෙනාටම අපහසුතාවන්ට පත්වෙන බව කරුණාවෙන් සලකන්න.
  13. ජලය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු අතර, පානීය ජලය පානය සඳහා පමණක් ගැනීමට කටයුතු කළ යුතුය. ජල භාවිතය; මධ්‍යස්ථානයට ලැබෙන ජල ප්‍රමාණය සීමා සහිත බැවින් ජල කලමනාකරණය ඉතාමත්ම වැදගත්ය. ඒ සඳහා ABMC ආයතනයට ලොකු සහයෝගයක් අවශ්‍යයි. බොන වතුර, බොන වතුර වලට පමණක් භාවිතා කරන්න. සෝදන වතුර ඒ සඳහා වෙන් කර ඇති ජල නල වලින් පමණක් ගන්න. කාන්දුවන වතුර ඇති ජල කරාම සහ වැසිකිලි ගැන සැලකිලිමත් වන්න. ඒවා විසන්ධි කළ නොහැකි නම් කරුණාකර කාර්යාලයයට දන්වන්න..
  14. භාවිතා නොකරන විදුලි උපකරණ නිවා දැමීමට කටයුතු කරන්න. විදුලි භාවිතය; Switch off unused electricity bulbs / fans etc. when not in use. අද කවුරුත් දන්නවා, මේ විදුලිය ඉතාමත් මිල අධික බව. ඒ නිසා කරුණාකර කාමරයෙන් හෝ ඔබ ඉන්නා තැනින් පිටතට යන විට ඒ විදුලි බුබුලු සහ හා විදුලි පංකා විසන්ධි කිරීමට මතක තියාගන්න.
  15. අපද්‍රව්‍ය/කසල ඒ ඒ අවස්ථාවේදීම වෙන්කිරීමට කටයුතු කල යුතු අතර, ඒවා අපද්‍රව්‍ය වර්ගය අනුව නම් කර ඇති බදුන්වලට දැමීමට වග බලා ගතැහැ යුතුය. අපද්‍රව්‍ය නියමිත බඳුන් වලට දමන්න උදාහරණයක් වශයෙන් ඉඳුල්, ඉඳුල් තියෙන භාජනයට දමන්න. කඩදාසි, කඩදාසි දැමීමට වෙන් කර ඇති බඳුන්වල දමන්න.
  16. ආහාර භාවිතය; තමාට අනුභව කරන ප්‍රමාණයට පමණක් බෙදා ගන්න. කෑම නාස්ති කිරීම අඩු කර අපිට සහයෝගය දෙන්න. එසේ වන්නේ නම්, අපිට ප්‍රමාණයකට ඉයුම් පිහුම් කටයුතු කිරීම ඉතා පහසු බව සලකන්න. අපි යැපෙන්නේ අනිත් අය දෙන්නා වූ දානයෙන් බැවින් අරපිරිමැස්ම ගැන මතක තබා ගන්න. භාවිත කරන ලද පිඟන් කෝප්ප භාවිතයෙන් පසු පිරිසුදු කර ඒ කූඩයට පමණක් දමන්න .
  17. අභරණ වැනි වටිනා ද්‍රව්‍ය ගෙන එමෙන් වැළකිය යුතුය. එවැනි දෑ පිළිබදව ආරක්ෂාව ඔබ සතු වගකීමකි.
  18. මධ්‍යස්ථානයෙන් පිටවන අවස්ථාවේදී කාමර වල යතුරු මධ්‍යස්ථාන භාරකරුට ආපසු ලබා දීමට අමතක නොකරන්න.
  19. භාවනා වැඩ සටහන් නොමැති දින වලදී, බැතිමතුන් විසින් සිය ආහාර පිළියෙල කර ගත යුතුය. ආහාර පිළියෙල කර ගැනීම සදහා මධ්‍යස්ථානයේ මුලුතැන්ගෙයි උපකරණ, විදුලිය සහ ගෑස් යනාදිය නොමිලේ සපයනු ලැබේ.
  20. අවශ්‍ය බඩු භාණ්ඩ මිලදි ගැනීම බැතිමතුන්ගේ වගකීමක් වන අතර, අවශ්‍ය නම් තමාට ස්වාධීන වූ වැඩ පිළිවෙලක් ද ඒ සදහා සකසාගත හැකිය.
  21. අපද්‍රව්‍ය / කසල බැහැර කිරීම අපහසු බැවින් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර සහ පණිබිම මධ්‍යස්ථානයට රැගෙන නොආයුතුය. උදා :- යෝගට්, වතුර බෝතල්
  22. මෙම මධ්‍යස්ථානය භාවනා වැඩ සටහන් වලට පමණක් සීමා කළ යුතු අතර, වෙන ක්‍රියාවලියන් සඳහා යොදා ගැනීමෙන් වළකින්න. උදාහරණ: සාස්තර බැලීම, විවිධ පළ අපලකීම, තොවිල් ගුරුකම් ආදිය කිරීම හෝ ඒවා ගැන කතා කිරීම, ඒවා ප්‍රචලිත කිරීම, අනාලයා මධ්‍යස්ථානයේ කළමණාකාරයත්වයට නොදන්නවා වෛද්‍ය ප්‍රතිකාර කිරීම (බටහිර හෝ දේශීය), ඒවා ප්‍රචලිත කිරීම, විවිධ කටයුතු සඳහා මුදල් එක් රැස් කිරීම හෝ ඉල්ලා සිටීම වැනි ක්‍රියාවලියන් සඳහා යොදා ගැනීමෙන් වළකින්න. ඉහත කරුණු පිළිපැදීමකින් තොරව කටයුතු කර අනිසි ප්‍රතිඵල ඇති වුවහොත් ඒ සඳහා ABMC ආයතනය වගකියනු නොලැබේ. විසුද්ධි මාර්ග භාවනා පමණක් මෙහිදී කළ යුතු ය.
  23. කෝවිඩ් වසංගතය හෝ බලාපොරොත්තු නොවන අනෙකුත් සිද්ධීන් නිසා පෙර දැනුම් දීමකින් තොරව නීතිරීති වෙනස් කිරීමට කාර්ය මණ්ඩලයට සිදුවිය හැකිය. උදාහරණ වශයෙන් මධ්‍යස්ථානයට පැමිණි පසු වන්දනා ගමන් යෑම නැවතීම විය හැකිය. භාවනා වැඩසටහන් කරන කාලය තුල අත්‍යවශ්‍ය නොවූ ගමන් කිරීමෙන් වැළකිය යුතුය ( මෙය සමාධිය සඳහාද උපකාර වේ). තම අවශ්‍යතාවයන් කාර්ය මණ්ඩලය සමග සාකච්චා කරගන්න.
  24. භාවනා වැඩ සටහන් කරන කාලය තුල වාහන නැවතීම රථගාල තුල පමණක් කළ යුතුය.
  25. මෙම පහසුකම ආධ්‍යාත්මික දියුණුව සඳහා පමණක් භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, බැතිමතුන් භාවනා වැඩ සටහන් වලට සහභාගී වීම සඳහා කාලය ප්‍රයෝජනයට ගත යුතු අතර එබැවින් හැකි තාක් භාවනා වැඩ සටහන් වලට පසුව පමණක් ABMC ආයතනයෙන් පිටතට යාම කල යුතුය. කිසියම් හේතුවක් නිසා පිටතට යාම අත්‍යාවශ්‍ය නම්, පොතේ ඇතුළු වීමට සහ පිටතට යාමට අත්සන් කළ යුතුය.